තල්මසෙකුගේ සිරුරක් වස්කඩුව වෙරළට ගොඩගසයි

තල්මසෙකුගේ සිරුරක් වස්කඩුව වෙරළට ගොඩගසයි

by Staff writer 29-08-2023 | 5:49 AM

COLOMBO (News 1st) - වස්කඩුව වෙරළ තීරයට ඊයේ (28) පස්වරුවේ මියගිය තල්මසෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබුණි.

අප වාර්තාකරු පැවසුවේ, මෙම සත්ත්වයා අඩි 30ක් පමණ දිගකින් යුක්ත බවයි.

සත්ත්වයා මිය යාමට හේතුව පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ජලජ සම්පත් පර්යේෂඛ හා සංවර්ධන නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ උපුල් ලියනගේ මහතා පැවසීය.