.webp)
COLOMBO (News 1st) – ජල විදුලිය නිෂ්පාදනයට බලාගාර ආශ්‍රිතව ජලය ඇත්තේ තවත් දින 35කට ආසන්න කාලයක් පමණක් බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික නවරත්න මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ ජල විදුලි බලාගාරවලින් මෙගාවෝට් පැය 12.6 ක විදුලිය නිෂ්පාදනය කළ බවයි.
දෛනික විදුලි අවශ්‍යතාවයෙන් ඉතිරි ප්‍රමාණය තාප, සුර්ය සහ සුලං බලාගාරවලින් ලබා ගන්නා බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
මේ වනවිට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පවතින්නේ 23.2% ක් ලෙසයි.
විදුලි බලාගාර ආශ්‍රිත සමස්ත ජලාශ වලින් මෙගාවෝට් පැය 284 ක ප්‍රමානයක් නිෂ්පාදනය කළ හැකි බව ධමිමික නවරත්න මහතා සඳහන් කළේ ය.