.webp)
නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම්දීම් නෞකාවේ රක්ෂණ සමාගමට සහ නීතිඥ සමාගමට ලිඛිතව යොමු කළ බවයි.
සමුද්‍රීය පිරිසර ආරක්ෂණ අධිකාරිය ඉදිරිපත් කළ අතුරු වන්දි වාර්තාවලට අනුව මෙම අතුරු වන්දිය ලබා ගැනීමට නියමිතය.
නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, අතුරු වන්දිය ලෙස ඩොලර් ලක්ෂ 890ක් සහ රුපියල් මිලියන 16ක මුදලක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඉල්ලා ඇති බවයි.
එම අතුරු වන්දි ගෙවීමට නෞකා සමාගමේ රක්ෂණ සමාගම සහ නීතිඥ සමාගම මීට පෙර සිය කැමැත්ත පළ කර තිබුණි.
නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වන රජයේ එකඟතාව එම සමාගම් වෙත යොමු කිරීමට පියවර ගත් බවයි.
පසුගියදා සිංගප්පූරුවේ පැවති සාකච්ඡාවලදී ගත් තීරණයට අදාළව දෙපාර්ශ්වය මෙම එකඟතාවලට යොමු වුණි.