හෙට රාජ්‍ය බැංකු විවෘත කිරීමේ තීරණයක්..

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට හෙට රාජ්‍ය බැංකු විවෘත කිරීමේ තීරණයක්..

by Staff writer 29-08-2023 | 3:02 PM

COLOMBO (News 1st) – අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් හෙට දිනයේ රාජ්‍ය බැංකු විවෘත කිරීමට තීරණය කර තිබේ. 

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ,, ඒ අනුවඋදෑසන 8.00 සිට සවස 3.00 දක්වා සියලු බැංකු ශාඛා විවෘතව තැබෙන බවයි.

පළමු අදියරේදී පවුල් ලක්ෂ 8ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය හිමිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ඊයේ දින බැංකු වෙත නිකුත් කෙරිණ.