.webp)
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලනයට අදාළව 2023 ජූලි 24 වැනි දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ කරුණු පිළිබඳව ද මෙහිදී සැලකිල්ලට ගත් බවයි.
සැප්තැම්බර් මස 29 වැනි දා ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පවත්වන තෙක් තවදුරටත් අවධානයෙන් සිටින බව ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සඳහන් කර ඇත.
තහනම ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ඉදිරියේදී ජාත්‍යන්තරවලට සහභාගී වීමට ඉඩ සැලසේ.