ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහැර අද..

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ..

by Staff writer 28-08-2023 | 7:26 AM

COLOMBO (News 1st) – ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහර මංගල්‍ය හේතුවෙන් මහනුවර නගර සීමාවේ පාසල් වලට දින තුනක නිවාඩුවක් දී තිබේ.  

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා සදහන් කළේ අද, හෙට සහ ලබන 31 වැනිදා එලෙස නිවාඩු ලබාදෙන බවයි.

එම නිවාඩුව වෙනුවට ඉදිරි සතිවල සෙනසුරාදා දින 3ක් පාසල් පැවැත්වීමට උපදෙස් දී ඇතැයි ද ලලිත් යු ගමගේ මහතා සඳහන් කළේ ය.