.webp)
COLOMBO (News 1st) – අස්වැසුම ප්‍රතිලාභීන්ට හෙට (29)හෝ අනිද්දා සිට බැංකු හරහා සිය මුදල් ලබාගැනීමට අවස්ථාව පවතින බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
පළමු අදියරේදී අස්වැසුම ප්‍රතිලාභය හිමිවන පවුල් සංඛ්‍යාව, ලක්ෂ 8 කි.
අමාත්‍යවරයා සඳහන් කළේ , ඊට අදාළ මුදල්, මහා භාණ්ඩාගාරයෙන් අද බැංකු වෙත ලබාදෙන බවයි.
අභියාචනා සහ විරෝධතා සළකා බැලීම ආරම්භ කර ඇතැයි ද ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, ජූලි මාසයට අදාළ ගෙවීම් පළමුව සිදු කරන බවයි.