ඉන්ධන පිරවුම්හලක පිපිරීමකින් පුද්ගලයෙකු මරුට..

රුමේනියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමකින් පුද්ගලයෙකු මරුට..

by Staff writer 27-08-2023 | 8:31 AM

COLOMBO (News 1st) –  රුමේනියාවේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් 46 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාලකරුවන් අතරට ගිනි නිවන භටයින් 26 දෙනෙකු ද ඇතුළත් ය.

එරට බලධාරීන් ප්‍රකාශ කළේ, තුවාලකරුවන්ගෙන් අට දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.