ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

by Staff writer 27-08-2023 | 10:08 AM

COLOMBO (News 1st) – ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ. 

ඒ, ගම්පහ, දාරළුව ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ය. 

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියක් අද පෙරවරුවේ එලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.

කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.