නොරොච්චෝලේ , සේතපොළ කලපුව අසළ මළ සිරුරක්...

නොරොච්චෝලේ , සේතපොළ කලපුව අසළ කාන්තා මළ සිරුරක්...

by Staff writer 27-08-2023 | 11:28 AM

COLOMBO (News 1st) – නොරොච්චෝලේ , සේතපොළ කලපුව අසළ තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. 

පොලීසිය සඳහන් කළේ, ඇගේ නළලේ සහ දෑතේ කැපුම් තුවාල පවතින බවයි.

මළ සිරුර තිබූ ස්ථානයේ තිබී ඇගේ ජංගම දුරකතනය සොයා ගැනීමත් සමග පොලීසිය ඒ ඔස්සේ විමර්ශන ආරම්භ කළේ ය.

එහිදී මියගිය කාන්තාවගේ දියණියට දුරකතන ඇමතුමක් ලබාදී ඇගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට හැකිවී තිබේ. 

නොරොච්චෝලේ, නාරක්කලිය ප්‍රදේශයේ පදිංචි මියගිය කාන්තාවගේ වයස අවුරුදු 53 කි.