දූෂණ විරෝධී පනත බලාත්මක කිරීම ගැන දැනුම්දීමක්..

දූෂණ විරෝධී පනත බලාත්මක කිරීමට තවත් මාස 2ක් ගත වනවා - අධිකරණ ඇමති

by Staff writer 27-08-2023 | 6:50 AM

COLOMBO (News 1st) – දූෂණ විරෝධී පනත බලාත්මක කිරීමට තවත් මාස 02 කාලයක් ගත වන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. 

ඔහු සඳහන් කළේ, පනත සම්මත වුව ද ඊට අදාළ රෙගුලාසි රැසක් සකස් කළ යුතුව ඇති බවයි.

එම කටයුතු මේ දිනවල සිදුවෙයි. 

අමාත්‍යවරයා සඳහන් කළේ, පනත බලාත්මත වීමත් සමග අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, නව පනතේ බලතල ප්‍රකාරව ක්‍රියාත්මක වන බවයි.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය ජූලි 19 වැනිදා පාර්ලි‍මේන්තුවේදී සම්මත විය. 

ඒ, ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතවයි.