.webp)
ඊයේ රාත්‍රියේ අනතුර සිදුවුණේ වව්නියාවේ සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක්, එම දිශාවෙන්ම ගමන් කළ බස් රථයක පිටුපස ගැටීමෙන් ය.
එහිදී තුවාල ලැබූ පුද්ගලයින් ඇතුළත් කෙරුණේ, වරකාපොළ රෝහලටයි.
ඒ අතරින් බරපතල තත්ත්වයේ පසුවූ 4 දෙනෙකු කොළඹ ජාතික රෝහලට සහ කෑගල්ල මහ රෝහලට මාරුකර යවා තිබේ.
තුවාලකරුවන් අතරට කාන්තාවන් තිදෙනෙකු ඇතුළත් ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ, දංඕවිට පොලීසියයි.