පදවිය ප්‍රා.ලේ කාර්යාලයේ ඉඩම් නිලධාරියා රිමාන්ඩ්..

අල්ලස් ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියා රිමාන්ඩ්

by Staff writer 27-08-2023 | 8:34 AM

COLOMBO (News 1st) – අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

ඒ, ඔහු ඊයේ කැබිතිගොල්ලෑව වැඩබලන මහේස්ත්‍රාත් තුෂාරි විජයනායක මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. 

ඉඩම් බලපත්‍රයක් ලබා දෙන බව පවසමින් රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගැනුණි. 

ලබන 09 වැනිදාට ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන්නැයි ද අතිරේක මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබේ.