47 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අදින් අවසන්

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අදින් අවසන්

by Staff writer 26-08-2023 | 7:28 AM

COLOMBO (News 1st) - 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද (26) අවසන් වේ.

ක්‍රීඩා උළෙල පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වුණේ, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදීයි.

අද සවස සමාප්ති උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ අතර අද උදෑසන ඉසව් කිහිපයක අවසන් මහා තරග පැවැත්වීමට නියමිතයි.

ඒ අතරට මීටර් දස දහස පිරිමි ධාවන ඉසව්වේ තරගය, කාන්තා උස පැනීමේ තරගය, මීටර් පන්දහස කාන්තා ධාවන ඉසව්ව ද ඇතුළත් වේ.