මිහින්තලය, උකුලන්කුලමට ගම්මැද්දෙන් ජල ව්‍යාපෘතියක්

මිහින්තලය, උකුලන්කුලමට ගම්මැද්දෙන් පානීය ජල ව්‍යාපෘතියක්

by Staff writer 26-08-2023 | 6:16 AM

COLOMBO (News 1st) - මිහින්තලය, උකුලන්කුලම විද්‍යාලයේ ගම්මැද්ද පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අද (26) ආරම්භ කෙරේ.

ඒ සදහා අනුග්‍රහය දක්වන්නේ, ගම්මැද්දට හිතැති දානපතිනියකි.

මිහින්තලය උකුලන්කුලම විද්‍යාලය, දරුවන් 100කට අධික පිරිසක් ඉගෙන ගන්න පහසුකම් අඩු පාසලකි. 

දුෂ්කරතා මැද අධ්‍යාපනය හදාරන ඔවුන්ට මෙන්ම එම ගම්මානයේ වැසියන්ට ද බීම සඳහා පිරිසිදු වතුර නැත.

ඒ ගැටලුව හඳුනාගත් ගම්මැද්ද උකුලන්කුලම විද්‍යාලයට ජල පෙරණ පද්ධතියක් දෙන්න තීරණය කළේ ඒ නිසයි. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික වකුගඩු රෝග නිරීක්ෂණ හා පර්යේෂණ ඒකකයේ අනුදැනුම මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික සහයෙන් මෙම ප්‍රතිආස්‍රැත ජල පෙරණ පද්ධතිය ඉදි කෙරේ.

උකුලන්කුලම ගම්වැසියන්ගේ මෙන්ම පාසලේ දරුවන්ගෙත් පිපාසය සංසිදුවීම ගම්මැද්දේ අපේක්ෂාවයි.