ඇසළ පෙරහැර නිමිත්තෙන් අද සිට විශේෂ දුම්රිය සේවා

මහනුවර ඇසළ පෙරහැර නිමිත්තෙන් අද සිට විශේෂ දුම්රිය සේවා

by Staff writer 26-08-2023 | 6:11 AM

COLOMBO (News 1st) - මහනුවර ඇසළ පෙරහැර නිමිත්තෙන් අද (26) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ. ඉදිපොලගේ මහතා පැවසුවේ, අද සිට පෙරහැර අවසන් වන තෙක් එම ගමන්වාර ක්‍රියාත්මක බවය.

තව ද මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුව්, ඒ සඳහා බස් රථ 350ක් පමණ ධාවනයට එක්කර ඇති බවය.

මේ අතර මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරේ.

පළමු රන්දෝළි පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසීය.