උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

by Staff writer 26-08-2023 | 5:56 AM

COLOMBO (News 1st) - උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (26) දිනයේදී අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ බව පැවසුවේ, උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි.

මේ අතර වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 280,230 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.