ඉන්දියාවේ දුම්රිය මැදිරියක ගින්නකින් 10ක් මරුට

ඉන්දියාවේ දුම්රිය මැදිරියක ගින්නකින් පුද්ගලයින් 10ක් මරුට..

by Staff writer 26-08-2023 | 1:23 PM

COLOMBO (News 1st) - ඉන්දියාවේ, මදුරෙයි දුම්රිය ස්ථානයේ ස්ථාවර දුම්රිය මැදිරියක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි.

සහන කණ්ඩායම් පුද්ගලයින් 55 දෙනෙකුගේ දිවි බේරාගෙන තිබේ.

දුම්රිය මැදිරිය තුළට නීති විරෝධීව ගෙනආ ගෑස් සිලින්ඩරයක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ලබාදීමට නියමිතයි.