අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගෙවීම ලබන සඳුදා ඇරඹේ

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගෙවීම ලබන සඳුදා ඇරඹේ - සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය

by Staff writer 26-08-2023 | 1:01 PM

COLOMBO (News 1st) - අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගෙවීම ලබන සඳුදා (28) ආරම්භ කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අනුව සියලු ගැටලු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට පළමු අදියරේදී දීමනා ලබාදෙනු ඇති.

ගිණුම් විවෘත කර ඇති ප්‍රතිලාභීන්ට රාජ්‍ය බැංකු හරහා ගෙවීම් සිදුකරනු ඇති.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරයෙන් ජී. විජේරත්න මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් මුදල් මුදා හැරීමේ ගැටලු මතුවීමත් සමග ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාද විය.

කෙසේ වෙතත් නව සභාපතිවරයා ලෙස ජයන්ත විජේරත්න මහතා පෙරේදා වැඩ භාර ගැනීමත් සමග මුදල් මුදා හැරීම සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලු නිරාකරණය වූ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.