නීජර් රාජ්‍ය හැරයාමට පැය 48ක්

අමෙරිකා, ජර්මන් සහ ප්‍රංශ තානාපතිවරුන්ට නීජර් රාජ්‍ය හැරයාමට පැය 48ක්

by Staff writer 26-08-2023 | 7:10 AM

COLOMBO (News 1st) - නීජර් රාජ්‍ය, අමෙරිකා, ජර්මන් සහ ප්‍රංශ තානාපතිවරුන්ට රට හැර යාමට පැය 48ක කාලයක් ලබාදී තිබේ.

ඒ, නීජර් හමුදා එරට පාලන බලය සියතට ගැනීමත් සමග රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් කරා යාමට අමෙරිකාව බලපෑම් කරමින් සිටින පසුබිමකදීය.

බටහිර අප්‍රිකානු රටවලින් නීජර් පාලකයින්ට අඛණ්ඩව එල්ල වන බලපැම් මධ්‍යයේ එම තීරණය ගෙන තිබේ.

එහෙත්, අදාළ නිවේදනය ප්‍රතික්ෂේප කරමින් ප්‍රංශය පවසා ඇත්තේ නීජර් හමුදා පාලන අධිකාරිය පිළිනොගන්නා බවයි.

ජනාධිපති මොහොමඩ් බාසූම් යළි බලයට පත් කිරීම සඳහා අඛණ්ඩව කරන ඉල්ලීම්වලට ප්‍රංශ, ජර්මානු, නයිජීරියානු සහ අමෙරිකානු නියෝජිතයින් සහය පළ කළහ.