ව්‍යාජ සාක්ෂි ගොනුකිරීම: ශානි අබේසේකර නිදහස්..

වාස් ගුණවර්ධනට එරෙහි මිනීමැරුම් නඩුවකට අදාළව ව්‍යාජ සාක්ෂි ගොනුකිරීමේ චෝදනාවෙන් ශානි අබේසේකර නිදහස් කෙරේ..

by Staff writer 25-08-2023 | 1:32 PM

COLOMBO (News 1st) : හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි ඝාතන නඩුවකට ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළ බවට වූ චෝදනාවෙන් හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඇතුළු 4 දෙනෙකු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද(25) නිදහස් කළේ ය.

ඒ අදාළ චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට කළ දැනුම් දීම හේතුවෙන් ය.

අද නිදහස් කෙරුණු සෙසු පුද්ගලයින් වන්නේ පොලිස් පරීක්ෂකවරුන් වන සුගත් මෙන්ඩිස් , නිශාන්ත සිල්වා හා ආර් ප්‍රේමතිලක යන මහත්වරුන් ය.

2020 වසරේ අගොස්තු මාසයේ මෙම නඩුව පවරනු ලැබුවේ අදාළ ඝාතන සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ය.