.webp)
COLOMBO (News 1st) : දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරිමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.
ඒ, රුපියල් පනස් හත් ලක්ෂයක හිඟ විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් ය.
දිඹුලාගල ආරණ්‍යයේ හිමිවරුන් පවසන්නේ, විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් වන අලි තර්ජනවලට දැඩිව මැදිව සිටින තම ජීවිත දැඩි අවදානමට ලක්ව ඇති බවයි.
දානය සැපයීම සඳහා දුර බැහැරින් පැමිණෙන ජනතාවද මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව උන් වහස්සේ පෙන්වා දෙයි.
1982 වසරේදී එවක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා විසින් නොමිලේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට විදුලිය ලබා දී ඇත්තේ එම විහාර්ස්ථානයෙන් සිදු කෙරෙන සුවිශේෂී ආගමික සේවාව සලකා බලමින් ය.
කෙසේ වෙතත් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ආරණ්‍ය සේනාසනයේ විදුලිය සඳහා බිලක් නිකුත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත් බව එහි භික්ෂූන් වහන්සේ සඳහන් කළේ ය.