යල කන්නයේ කුඹුරුවලින් 90% කට ජලය දී අවසන්..

යල කන්නයේ කුඹුරුවලින් 90% කට ජලය දී අවසන්.. - ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

by Staff writer 25-08-2023 | 10:25 AM

COLOMBO (News 1st) :  යල කන්නයේ වගා කළ කුඹුරුවලින්  90% කට පමණ අද දිනය වනවිට ජලය මුදා හැර අවසන් කර ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. 

එම අධිකාරිය සඳහන් කළේ , මහවැලි ජලාශවලින් භාවිතයට ගත හැකි ජල ප්‍රමාණය මේ වනවිට 18% ක් දක්වා පහළ ගොස් ඇති බවයි. 

කලා වැවෙන් පෝෂණය වන සියලු ගොවිබිම් වෙත ජලය මුදා හැරීම ලබන 10 වැනිදායින් අවසන් කරන බව ද මහවැලි අධිකාරිය පැවසුවා

අනුරාධපුර සහ තලාව ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාවය සපුරාලන තිසා වැව සහ තුරුවිල වැවට කලාවැවෙන් ජලය මුදා හැරීම ලබන 31, 01 සහ 02 යන දිනවල සිදු කිරීමට ද සැලසුම් කර තිබේ. 

ඒ අනුව බාධාවකින් තොරව එම ප්‍රදේශවල පානීය ජලය ලබා දීමට හැකිවනු ඇති.