.webp)

COLOMBO (News 1st) – අමෙරිකානු හිටපු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් ජොර්ජියා ප්‍රාන්ත ෆුල්ටන් බන්ධනාගාරයට පැමිණ තිබේ.
ඒ, ඔහුගේ ජීව දත්ත ලබාගැනීම සඳහා පැමිණෙන්නැයි කළ දැනුම්දීමකට අනුවයි.
එහිදී ලබා ගත් ඡායාරූපය මේ වනවිට විදෙස් මාධ්‍ය මුදා හැර තිබේ.
2020 ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සහ කළ බවට හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වෙයි.
ඒ සම්බන්ධයෙන් පසුගිය 22 වැනිදා ජොර්ජියා ප්‍රාන්ත අධිකරණයක් විසින් ඔහුට ඩොලර් ලක්ෂ 2 ක ඇප බැඳුම්කරයක් නියම කළේ ය.
කෙසේ වෙතත් බන්ධනාගාරයට පැමිණ යළි පිටව යන අවස්ථාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ , අද අමෙරිකාවට ඉතා ඛේදජනක දිනයක් බවයි.
ඉදිරියේදී ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
