.webp)
එහි සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ, ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවය.
මෙම වර්ජන ක්‍රියාමාර්ගයට විකිරණ තාක්ෂණවේදීන් වෘත්තීකයන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තීකයන්, ඖෂධවේදී වෘත්තීකයන්, භෞත චිකිත්සක වෘත්තීකයන් සහ වෘත්තීය චිකිත්සක වෘත්තීකයන් යන වෘත්තීය සංගම් 5ක් වේ.
මෙය හෙට (25) උදෑසන 8 දක්වා පැය 24 ක් ක්‍රියාත්මකයි.
වර්ජන සඳහා සියලු පිළිකා ආයතනය, මාතෘ හා ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව යන ආයතන සම්බන්ධ නොවන බව ද රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලද විදෙස්ගත වූ වෛද්‍යවරුන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් විදෙස් ගත වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ මැදපෙරදිග රාජ්‍යයන්හි වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට අවශ්‍ය සුදුසුකම් සැපිරූ වෛද්‍යවරුන් 5000ක් තවම ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම හරහා ඉදිරියේදී මෙම ගැටලුව තවත් උග්‍ර විය හැකි බවය.