ආරක්ෂාවට ගැන විදේශීය ඔත්තු සේවා කරුණු අනාවරණ කර නෑ

කිසිම විදේශ බුද්ධි අංශයකින්, ආයතනයකින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහ ජාතිවාදී කෝලාහල සම්බන්ධයෙන් මේ වෙනකොට කිසිම තොරතුරක් ලැබිල නැහැ - ප්‍රමිත බණ්ඩාර

by Staff writer 24-08-2023 | 9:01 PM

COLOMBO (News 1st) – මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ පළවූ ඇතැම් වාර්තා පිළිබඳව වහා අවදානය යොමුකිරීමේ අවශ්‍යතාවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්‍නකෝන් මහතා පැවසුවේ , එවැනි තර්ජනයක් පිළිබඳව කිසිදු විදේශිය ඔත්තු සේවාවක් කරුණු අනාවරණ කර නොමැති බවයි.