.webp)
COLOMBO (News 1st) – උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම වව්නියා, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවලට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙට දිනයේදී අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ.
ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරිම, සෙවන ඇති ස්ථානවල හැකිතාක් විවේක ගැනීම, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කිරිම, අධික වෙහෙසකාරි කටයුතු සීමා කිරිම එම උපදෙස් වලට ඇතුළත් ය.
වැඩිහිටි සහ රෝගි පුද්ගලයින් උණුසුම් කාලගුණය පිළිබද වැඩි අවදානයක් යොමු කළ යුතුයි.