හීත් ස්ට්‍රීක් මියගිය බවට පලවූ වාර්තා අසත්‍යක්

සුපිරි ක්‍රිකට් තරුව හීත් ස්ට්‍රීක් මියගිය බවට පලවූ වාර්තා කටකතාවක් - හෙන්රි ඔලොංගාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

by Chathuranga Rajapaksha 23-08-2023 | 8:33 AM

COLOMBO (News 1st) - සිම්බාබ්වේ හිටපු සුපිරි  ක්‍රිකට් ක්‍රීඩක හීත් ස්ට්‍රීක් මිය ගොස් නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නමුත් මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හීත් ස්ට්‍රීක් පිළිකාවක් හේතුවෙන් මියගිය බවයි.

සිම්බාබ්වේ හිටපු වේග පන්දු යවන්නෙකු වූ හෙන්රි ඔලොංගා X සටහනක් (Twitter) තබමින් පවසන්නේ හීත් ස්ට්‍රීක් ජීවතුන් අතර සිටින බවයි.

ඔහු සිය X සටහන මගින් පවසා සිටින්නේ, "ස්ට්‍රීක්ගේ මරණය පිළිබඳ පුවත කටකතාවක් බවයි.

ස්ට්‍රීක් ජීවතුන් අතර සිටින බව ඔලොංගා වැඩිදුරටත් පවසයි.

නමුත් හීත් ස්ට්‍රීක් මියගිය බවට හෙන්රි ඔලොංගා මීට පෙර තබා තිබූ X සටහන මේ වනවිට ඉවත් කර තිබේ.

ඔලොංගාගේ එම X සටහන හේතුවෙන් හීත් ස්ට්‍රීක්ගේ මරණය පිළිබඳ පුවත ලොව පුරාම වේගයෙන් ව්‍යාප්ත වූ අතර ජාත්‍යන්තර මාධ්‍ය ගණනාවකින් එය වාර්තා කර තිබුණි.

ස්ට්‍රීක් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් පවා ශෝක පණිවුඩ X හරහා සටහන් කළේය.

කෙසේ වෙතත් දැන් වාර්තා වන්නේ හීත් ස්ට්‍රීක් ජීවතුන් අතර සිටින බවයි.

49 හැවිරිදි වියේ පසුවන හීත් ස්ට්‍රීක් 1993 සිට 2005 දක්වා වසර 12ක් සිම්බාබ්වේ ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ.

ඔහු කලක් සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළේය.

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස දස්කම් දැක්වූ හීත් ස්ට්‍රීක් ජාත්‍යන්තර ටෙස්ට් තරග 65ක් සහ ජාත්‍යන්තර එක්දින තරග 189කදී සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කර තිබේ.

එහිදී ටෙස්ට් කඩුලු 216ක් සහ එක්දින කඩුලු 239ක් ලබා ගැනීම විශේෂත්වයකි.

ටෙස්ට් අර්ධ ශතක 11ක් සහ ටෙස්ට් ශතකයක් ද 
හීත් ස්ට්‍රීක් ලබාගෙන තිබේ. 

එක්දින පිටිය තුළ ඔහු අර්ධ ශතක 13ක් ලබාගෙන ඇත.

====================================================================================================

COLOMBO (News 1st) - සිම්බාබ්වේ හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වූ හීත් ස්ට්‍රීක් (Heath Streak) අභාවප්‍රාප්ත වී අැත.

ඒ පිළිකාවක් වැළඳීම හේතුවෙනි.

අභාවප්‍රාප්ත වනවිට හීත් ස්ට්‍රීක් 49 හැවිරිදි වියේ පසුවිය. 

හීත් ස්ට්‍රීක් 1993 සිට 2005 දක්වා වසර 12ක් සිම්බාබ්වේ ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ.

ඔහු කලක් සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළේය.

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස දස්කම් දැක්වූ හීත් ස්ට්‍රීක් ජාත්‍යන්තර ටෙස්ට් තරග 65ක් සහ ජාත්‍යන්තර එක්දින තරග 189කදී සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කර තිබේ.

එහිදී ටෙස්ට් කඩුලු 216ක් සහ එක්දින කඩුලු 239ක් ලබා ගැනීම විශේෂත්වයකි.

ටෙස්ට් අර්ධ ශතක 11ක් සහ ටෙස්ට් ශතකයක් ද හීත් ස්ට්‍රීක් ලබාගෙන තිබේ. 

එක්දින පිටිය තුළ ඔහු අර්ධ ශතක 13ක් ලබාගෙන ඇත.