.webp)
ඒ අනුව මෙගාවෝට් 23ක් ජාතික පද්ධතියට එක් කෙරෙනු ඇති.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, දකුණු පළාතේ විදුලි සැපයුම් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා හදිසි මිලදී ගැනීමක් ලෙස මාතර ඒස් පවර් බලගාරයෙන් එලෙස විදුලිය මිලදී ගත් බවයි.
මීට අමතරව ඇඹිලිපිටිය එස් පවර් බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ද සාකච්ඡා ආරම්භ කර ඇති බව විදුලිය බල මණ්ඩලය ප්‍රකාශ කළේ ය.
මේ අතර සමනලවැව ජලාශයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට හැකියාව ඇත්තේ අද (23) දිනයේ පමණක් බව ද විදුලිබල මණ්ඩලය පැවසීය.
මේ වනවිට ජලාශයේ ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා වන ජල ප්‍රමාණයෙන් ඇත්තේ මීටර් දශම 7 ක් පමණි.
දකුණට විදුලිය සපයන නව පොල්පිටිය - හම්බන්තොට කිලෝවොට් 220 ක අධිබලැති සම්ප්‍රේෂණ මාර්ගයේ සම්ප්‍රේෂණ කටයුතු හෙට (24) දිනයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ ය.