කොළඹ කොටුවෙන් පි⁣ටත්වන සියලු දුම්රියගමන් ප්‍රමාදයි

කොළඹ කොටුවෙන් පි⁣ටත්වන සියලු දුම්රිය ගමන් ප්‍රමාදයි - දුම්රිය දෙපාර්තමේන්තුව

by Staff writer 23-08-2023 | 9:32 PM

COLOMBO (News 1st) - කොළඹ කොටුවෙන් පිටත්වන සියලු දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, මාළිගාවත්ත විදුලි කාර්මික නිලධාරීන්ගේ හදිසි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙනි.

ඊයේ (22) රාත්‍රියේ දුම්රිය සේවකයින් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබූ අතර එහිදී නියාමකවරයෙකු තුවාල ලැබුවේ ය.

මෙම සිද්ධියට සම්බන්ධ විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

හදිසි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ රැඳී සිටි මගීන් අද පස්වරුවේ පත්වුණේ දැඩි පීඩාවකටයි.

කෙසේ නමුත් පවතින තත්ත්වය හමුවේ කොළඹ - බදුල්ල සහ කොළඹ - ගාල්ල රාත්‍රී තැපැල් දුම්රිය මේ වනවිට අවලංගු කර ඇති බව දුම්රිය බලධාරීන් සඳහන් කළේ ය.