උඩවලව ගොවිබිම් වෙත ජලය නිකුත් කිරීම අවසන්

උඩවලව ජලාශය යටතේ වගා කළ ගොවිබිම් වෙත ජලය නිකුත් කිරීම අවසන් - ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

by Staff writer 23-08-2023 | 5:47 AM

COLOMBO (News 1st) - උඩවලව ජලාශය යටතේ වගා කළ ගොවිබිම් සඳහා ජලය සැපයීම ඊයේ (22) දිනයෙන් අවසන් කෙරුණි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඇඹිලිපිටිය නේවාසික කළමණාකරු තිලක් රණසිංහ මහතා සඳහන් කළේ, උඩවලව ජලාශයෙන් වගා කෙරෙන ගොවිබිම්වලින් 70% කට පමණ ජලය නිකුත් කිරීමට හැකි වූ බවයි.

කෙසේ වෙතත් මයුරපුර, අගුණකොළපැලැස්ස ආදී ප්‍රදේශවල ඇතැම් කුඹුරු සඳහා ජලය නිකුත් කිරීමේදී ගැටලු මතු වූ බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ, මේ වනවිට යළ කන්නයේ වගා කළ කුඹුරුවලින් අක්කර 47000 ක් විනාශ වී ඇති බවට ගණන් බලා ඇති බවයි.

වියළි කාලගුණයෙන් හානියට පත් කුඹුරු ඉඩම් පරීක්ෂා කිරීම මේ වනවිටත් සිදු කරන බව එම මණ්ඩලය පැවසීය.