හඳුනා නොගත් රෝගය වැළඳුණු රැඳවියන් 9ක් හමුවෙයි

හඳුනා නොගත් රෝගය වැළඳුණු තවත් රැඳවියන් 9ක් ගාල්ල බන්ධනාගාරයෙන් හමුවෙයි

by Staff writer 22-08-2023 | 6:39 AM

COLOMBO (News 1st) - ගාල්ල බන්ධනාගාරය ආශ්‍රිතව පැතිර යන හඳුනා නොගත් රෝගය වැළඳුණු තවත් රෝගීන් 9 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ (21) දිනයේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සිදු කළ මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇත.

ගාල්ල බන්ධනාගාර අධිකාරී පුළිණ කරුණාරත්න මහතා පැවසුවේ, මළ සිරුරු කොටස් මේ වනවිට රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති ඇති බවයි.

අදාළ රෝගීන් බන්ධනාගාරයේ වෙනම කොටසක රඳවා තබන බවත් බරපතළ තත්ත්වයක් මතුවුවහොත් රෝහල්ගත කිරීමට පියවර ගන්නා බවත් බන්ධනාගාර අධිකාරීවරයා පැවසීය.

රැඳවියන් ඇතුළු සියලු දෙනාට මුව ආවරණ පැළඳීම ද අනිවාර්ය කර තිබේ.