රත්මලානේ වෙඩි තැබීම ගැන වැඩිදුර පරීක්ෂණ

රත්මලානේ වෙඩි තැබීම ගැන වැඩිදුර පරීක්ෂණ

by Staff writer 22-08-2023 | 8:25 AM

COLOMBO (News 1st) - රත්මලාන දුම්රියපොළ ඉදිරිපිටදී ඊයේ (21) රාත්‍රී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඊයේ (21) රාත්‍රී 9.00 ට පමණ රත්මලාන දුම්රියපොළ ඉදිරිපිටදී මෙම පුද්ගලයා ඝාතනය කෙරුණේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකිනි.

පොලීසිය පැවසුවේ, මියගොස් ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

රත්මලානේ පදිංචිකරුවකු වන ඔහු වෙඩිතැබීම සිදු වූ ස්ථානයේ පිහිටි කුකුළු මස් අලෙවිසැලේ සේවයේ නිතරව සිට ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.

පොලීසිය පැවසුවේ, මෘත දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ රෝහලේ තැන්පත් කර ඇති බවයි.