පකිස්ථාන - ඇෆ්ගනිස්ථාන පළමු එක්දින සටන අද

පකිස්ථාන - ඇෆ්ගනිස්ථාන පළමු එක්දින සටන අද හම්බන්තොටදී ඇරඹේ..

by Chathuranga Rajapaksha 22-08-2023 | 9:15 AM

COLOMBO (News 1st)  - පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින තරගය අද(22) හම්බන්තොටදී ආරම්භ වේ.

දෙරට අතර එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතයි.

අද තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 2.30ට ආරම්භ කෙරේ.

පළමු තරග 2 හම්බන්තොටදී පැවැත්වෙන අතර තෙවන සහ අවසන් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 

මෙම තරග තුනම ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණයට ගොස් නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.