ගැටුමක් නිසා දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය සේවකයින් දෙදෙනෙකු අතර ගැටුමක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්...

by Staff writer 22-08-2023 | 8:55 PM

COLOMBO (News 1st) - කොළඹ, කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු තැපැල් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, දුම්රිය සේවකයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් හේතුවෙනි.

ගැටුමෙන් දුම්රිය නියාමකවරයෙක් තුවාල ලබා ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පහරදීමට සම්බන්ධ බව කියන විදුලි කාර්මිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.