වියළි කාලගුණයෙන් වගාබිම් අක්කර 50,000කට හානි...

වියළි කාලගුණයෙන් වගාබිම් අක්කර 50,000කට හානි.... උඩවලවේ හානි තක්සේරුවට කණ්ඩායම් 5ක්.. - කෘෂිකර්ම අමාත්‍යාංශය

by Staff writer 21-08-2023 | 7:39 AM

COLOMBO (News 1st) –  වියළි කාලගුණය හේතුවෙන් වගා හානිවූ ගොවිබිම් ප්‍රමාණය, අක්කර 50,000 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, එම තත්ත්වය දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි.

උඩවලව ප්‍රදේශයේ පමණක් වගා හානි ගණනය කිරීම සඳහා කණ්ඩායම් 5 ක් යොදවා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.