.webp)

COLOMBO (News 1st) – හිලරි සුළි කුණාටුව අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට කඩා වැදී තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, කැලිෆොනියා ප්‍රාන්තයට එලෙස ප්‍රභල නිවර්තන සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වන්නේ වසර 84 කට පමණ පසුව බවයි.
ඒ හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරිණ.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, වියළි කාලගුණයකට හුරුපුරුදු කැලිෆෝනියා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීම්ද ක්‍රියාත්මක බවයි.
මේ හේතුවෙන් ගුවන් ගමන් වාර සිය ගණනක්ද අවළංගු කිරීමට බලධාරීන් පියවර ගත්තේ ය.
