රත්මලානේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට..

රත්මලානේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට..

by Staff writer 21-08-2023 | 10:56 PM

COLOMBO (News 1st) - රත්මලාන දුම්රියපොළ අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ , අද (21) රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

වෙඩි තැබීම සිදුව ඇත්තේ අද (21) රාත්‍රී 9.45ට පමණයි.