මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද..

මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රියේ..

by Staff writer 21-08-2023 | 6:32 AM

COLOMBO (News 1st) –  මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (21)රාත්‍රියේ වීථි සංචාරය කෙරේ. 

මේ අතර, පෙරහැර මංගල්‍ය නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සියලු පහසුකම් සළසා ඇතැයි මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා පවසයි. 

නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේ ඒ සඳහා රාජ්‍ය නිලධාරින් 600 ක් පමණ යොදවා ඇති බවයි.

බවුසර් මගින් ජලය බෙදාහැරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.

මේ අතර , මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ, පෙරහැර කාලසීමාව තුළ බස් රථ 350 ක් පමණ ධාවනයට එක්කරන බවයි.