.webp)
COLOMBO (News 1st) – ඉංගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසැලකින් ලබාගත් ඖෂධයක් පානය කිරීමෙන් පසු කාන්තාවක් මියගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ, ඉංගිරිය, ඌරුගල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති බවයි.
ඇය දියවැඩියාව, කොලොස්ටරෝල් හා වකුගඩු රෝග සඳහා ඖෂධ භාවිත කරන කාන්තාවක් බව, පොලිසිය සඳහන් කළේ ය.
ජූලි 31 වැනිදා පෞද්ගලික ඔසුසැලකින් ලබාගත් එම ඖෂධය පසුගිය 10 වැනිදා දක්වා ඇය ලබාගෙන තිබේ.
අනතුරුව ඇතිවූ සංකූලතා හේතුවෙන් ඇය ඉංගිරිය රෝහලට ඇතුළත් කෙරිණ.
අනතුරුව හොරණ මූලික රෝහලට මාරුකර යැවූ අදාළ කාන්තාව ඊයේ (21) මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.