.webp)
COLOMBO (News 1st) - දිවයින පුරා ජලය බෙදාහැරීම සඳහා බවුසර් 100කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි අධ්‍යක්ෂ මේජර් ජනරල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේ , ඉල්ලුම් කරන පරිදි රෝහල් හා සමාජ සේවා ආයතනවලට ජලය බෙදාහැරීමට කටයුතු කරන බවයි.
එ අනුව දිස්ත්‍රික්ක 15 ක පුද්ගලයින් දෙලක්ෂ 2500 ක් සදහා ජලය බෙදාහැරීමට කටයුතු කළ බව ද ඔහු පැවසුවේ ය.
වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ජල සැපයුමට ද බලපෑම් එල්ල වී ඇතැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.
ඒ යටතේ, බාධා එල්ල වී ඇති ජල සම්පාදන ක්‍රම සංඛ්‍යාව 45 කි.
වියළි කාලගුණයත් සමග ප්‍රදේශ රැසක ජනතාව උග්‍ර ජල හිඟයකට මුහුණ පා තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, පවුල් 200කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වන මහනුවර, අම්බාල ජනපදයේ ජනතාව ද ජල හිඟයෙන් පීඩාවට පත්ව ඇති බවයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලිතැන්න ගම්මානයේ ජනතාව ද වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී.