.webp)
COLOMBO (News 1st) – පවතින වියළි කාලගුණයත් සමග තේ දළු අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබේ.
තේ වගාකරුන් පවසන්නේ, මෙය සිය ආදායම් තත්ත්වයට බලපා ඇති බවයි.
කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති ධම්මික මහීපාල මහතා සදහන් කළේ, සමස්ථයක් ලෙස ගත් කළ දිවයිනේ තේ දළු අස්වැන්න 18% කින් පහළ ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් තේ වගාව වියළි කාලගුණයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කේෂේත්‍ර නිලධාරීන් හට නිරන්තරයෙන් උපදෙස් ලබා දෙන බව ඔහු පැවසුවේ ය.
මේ අතර , රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති ශ්‍රීමාල් විජේසේකර මහතා සඳහන් කළේ, තම වතුයායවල්වල තේ අස්වැන්න 50% කින් පහළ ගොස් ඇති බවයි.