ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ බස් සේවාවක්

මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ ලංගම බස් සේවාවක්

by Staff writer 20-08-2023 | 6:50 AM

COLOMBO (News 1st) – මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ බස් සේවාවක් ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. 

එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ, පෙරහැර කාල සීමාව තුළ බස් රථ 350 ක් පමණ ධාවනයට එක්කරන බවයි.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පළමු කුඹල් පෙරහර හෙට විදී සංචාරය කිරීමට නියමිතයි.

මේ අතර, අනුරාධපුර අටමස්ථානය වන්දනා කීරිම සඳහා විශේෂ බස් සේවාවක් මේ මස 30 වනදා සිට ක්‍රියාත්මක බව ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. 

එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ, අටමස්ථානාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව මෙය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවයි.

එහිදී එම බස් සේවාව සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ පසලොස්වක පොහොදින තුළ ක්‍රියාත්මක බව සඳහන් ය.