වනෝද්‍යානවල සතුන්ගේ පරිභෝජනයට ජල පිරවුම්..

පවතින වියළි කාලගුණයත් සමග වනෝද්‍යානවල සතුන්ගේ පරිභෝජනයට ජල පිරවුම් කටයුතු සිදු කරනවා - වනජීවී දෙපාර්තමේන්තුව

by Staff writer 20-08-2023 | 7:03 AM

COLOMBO (News 1st) – පවතින වියළි කාලගුණයත් සමග වනෝද්‍යානවල සතුන්ගේ පරිභෝජනය සඳහා ජල පිරවුම් කටයුතු සිදු කරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. 

එහි මාධ්‍ය අධ්‍යක්ෂ හසිනි සරත්චන්ද්‍ර මහත්මිය සඳහන් කළේ, වනෝද්‍යාන තුළ සංචාරක කලාප ආශ්‍රිතව සකසා ඇති ජල පිරවුම් ස්ථාන වෙත බවුසර්වලින් ජලය පිරවීම සිදුකරන බවයි.

සංචාරකයින්ට, බාධාවකින් තොරව වන සතුන් නැරඹීමේ අවස්ථාව ලබාදීම, එහි අරමුණයි. 

වියළි කාලගුණයත් සමග වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ , උඩවලව ජාතික වනෝද්‍යානයටයි.

මේ අතර, යාල වනෝද්‍යානයේ ජල පිරවීම් කටයුතු මැණික් ගඟ භාවිතා කරමින් සිදු කරන බවද ඇය සඳහන් කළා ය.