දෙහිවල වෙඩිතැබීමකින් පුද්ගලයෙකුට තුවාල..

දෙහිවල වෙඩිතැබීමකින් පුද්ගලයෙකුට තුවාල..

by Staff writer 20-08-2023 | 6:06 AM

COLOMBO (News 1st) –  දෙහිවලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. 

පොලිසිය පැවසුවේ , ඊයේ රාත්‍රී දෙහිවල, ඕබන් පෙදෙස ක්‍රීඩා පිටිය අසළදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සිය නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියදී අදාළ පුද්ගලයාට වෙඩි තබා තිබේ. 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 30 හැවිරිදි පුද්ගලයා කලුබෝවිල රොහලට ඇතුළත් කර තිබේ. 

සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.