.webp)
-540709.jpg)
COLOMBO (News 1st) – චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ දූත පිරිස යළි මෙරටට පැමිණියේ ය.
ඒ , ඊයේ රාත්‍රී චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ය.
චීන - දකුණු ආසියානු ආනයන ,අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීම සඳහා චීනයේ කුංමිං නුවර වෙත අගමැතිවරයා පසුගියදා පිටව ගොස් තිබුණි.
මේ සඳහා රටවල් 60 ක පමණ නියෝජිතයින් සහභාගී වී සිටියේ ය.
අග්‍රාමාත්‍යවරයා සමග 28 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් චීන සංචාරයට එක්ව සිටියේ ය.
