.webp)
දේශීය පුවත්
1.හම්බන්තොට – පොල්පිටිය අධිවෝල්ටීය නව රැහැන් මාර්ගය අවට කලාපයේ සරුංගල් යැවීමෙන් වළකින්න – ලංවිම – දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණය කරන හම්බන්තොට – පොල්පිටිය අධිවෝල්ටීය නව රැහැන් මාර්ගය අවට කලාපයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.
2.හෝමාගම ගිනිගත් කර්මාන්ත ශාලාවට පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් බලපත්‍රය නෑ: හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර – මධ්‍යම පරිසර අධිකාරිය – ගිනිගැනීමට ලක්වූ හෝමාගම රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
3.ගාලු මුවදොර ආහාර වෙළෙඳුන් ලියාපදිංචිය ඇරඹෙයි.. හැඳුනුම්පතක් ලබාදීමටත් පියවර.. – ගාලු මුවදොර ආහාර අලෙවියේ නිරත වෙළෙඳුන් ලියාපදිංචියට පියවර ගෙන ඇතැයි කොළඹ නගර සභාව පවසයි.
4.අතුරුදන් වූ කොළොන්න ව්‍යාපාරිකයා දෙල්කඳ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට.. – කොළොන්න, බොරළුවඅයින ප්‍රදේශයේ අතුරුදන්ව සිටි බව කියන ව්‍යාපාරිකයා දෙල්කඳ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
5.අධික පරිසර උෂ්ණත්වය මානසික ආතතිය ඉහළ යාමට හේතු විය හැකියි – සෞඛ්‍ය අංශ – පරිසර උෂ්ණත්වය ඉහළ යාම, මානසික සෞඛ්‍ය කෙරෙහි දැඩිව බලපා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ක්‍රීඩා පුවත්
1.ඉසිපතන විදුහල පරාජය කරමින් වසර 13කට පසු, අන්තර් පාසල් රග්බි ශූරතාවය දිනා ගත් ශාන්ත පීතර විද්‍යාලය.. – බම්බලපිටිය, සාන්ත පීතර විද්‍යාලය වසර 13කට පසු අන්තර් පාසල් ලීග් රග්බි කිරුළ ඊයේ ( 19) දිනා ගත්තේ ය.