.webp)
COLOMBO (News 1st) – දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණය කරන හම්බන්තොට - පොල්පිටිය අධිවෝල්ටීය නව රැහැන් මාර්ගය අවට කලාපයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.
එම මණ්ඩලය පැවසුවේ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරිම් මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.
සරුංගල්, විදුලි රැහැන්වල පැටලීමෙන් වන අනතුරු වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ ය.