.webp)
COLOMBO (News 1st) – දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 15 ක පුද්ගලයින් 210,652 දෙනෙකු පීඩාවට පත්ව සිටී.
රත්නපුර, ත්‍රිකුණාමලය ,මඩකලපුව, අම්පාර , පුත්තලම , කුරුණෑගල , යාපනය , මන්නාරම , මුලතිව් , යාපනය , බදුල්ල , මොණරාගල , හම්බන්තොට, ගම්පහ සහ මාතලේ එම දිස්ත්‍රික්කයි.
මේ අතර, උඩවලව ප්‍රදේශයේ වගා හානි ගණනය කිරීම් සඳහා අද දිනයේ කණ්ඩායම් 3ක් යෙදවීමට පියවර ගත් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
එහි සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර මහතා පැවසුවේ, දැනට උඩවලව ප්‍රදේශයේ අක්කර 14,000ක් වගා හානි සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.