.webp)
COLOMBO (News 1st) – කොළොන්න, බොරළුවඅයින ප්‍රදේශයේ අතුරුදන්ව සිටි බව කියන ව්‍යාපාරිකයා දෙල්කඳ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, එම ව්‍යාපාරිකයාට සැඟව සිටීමට අධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
ව්‍යපාරිකයා සතුව තිබී රුපියල් ලක්ෂ දෙකහමාරක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.
මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලැබුණු පෞද්ගලික තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනිණි.
ව්‍යාපාර කටයුත්තක් සඳහා මුදල් ලබා ගැනීමට මීට දින තුනකට ඉහතදී අදාළ ව්‍යපාරිකයා දෙනියාය නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවකට පැමිණ තිබුණි.
ඒ , සිය වෑන් රථයෙන් ය.
නමුත් රාත්‍රිය වනතෙක් ඔහු නිවසට නොපැමිණීම හේතුවෙන් පවුලේ ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබුණි.
සරත් කුමාර නැමැති මෙම සිව් දරු ව්‍යාපාරිකයා සොයා පොලිසිය පුළුල් මෙහෙයුම් ආරම්භ කළේ, ඉන් අනතුරුවයි.
අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට භාරදී තිබේ.